මේ අභිමානවත් සම්මානයේ මෙවර හිමිකරු කවුද?

මාර්තු 7, 2019

ශ්‍රී ලාංකේය සිනමාවේ මහා කලා මංගල්‍යය සරසවිය සම්මාන උලෙළ පැවැත්වීම සඳහා මේ වසරේද සූදානම්ය. මෙවර සිනමා උලෙළ සඳහා 2018 වසරේ තිරගත වූ ශ්‍රී ලාංකේය චිත්‍රපට ඇතුළත්ය. එමෙන්ම 2018 වසරේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලද තවමත් තිරගතවීමට වරම් නොලද අධ්‍යක්ෂවරයකුගේ මුල්ම සිනමා කෘතිය සඳහා පිරිනැමෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සඳහා අයදුම්පත් දැන් කැඳවනු ලැබේ. ඒ සඳහා 2018 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලද මේ වන විට තිරගතවීමට වරම් නොලද, අධ්‍යක්ෂවරයාගේ මුල්ම චිත්‍රපට ඉදිරිපත් කළ යුතුය. අදාළ රැඟුම් පාලක මණ්ඩල සහතික පත්‍රය මේ සඳහා අවශ්‍ය වන අතර විනිසුරු මඬුල්ල සඳහා චිත්‍රපටයේ ඩී. සී. පී. පිටපතක් ඉදිරිපත් කළ යුතුය. එම විනිශ්චය මණ්ඩලය මෙරට සිනමාකරුවන්ගෙන් සමන්විතය. අදාළ ඉල්ලුම්පත් මාර්තු 31 ප්‍රථම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය, ප්‍රධාන කර්තෘ, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට එවිය යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.