පුත්තු සහ පියවරු සඳහා තවත් ජාත්‍යන්තර සම්මාන

මාර්තු 7, 2019

ඉක්තු දා පැවැති ඉන්දියානු ජගත් සිනමා උලෙළේදී මහාචාර්ය සුමති සිවමෝහන් අධ්‍යක්ෂණය කළ පුත්තු සහ පියවරු චිත්‍රපටය ඇගැයීමට පත්විය. මෙහිදී හොඳම වෘත්තාන්ත සිනමාපටය සඳහා වූ ජූරි සම්මානයෙන් පිදුම් ලැබීමට එම සිනමාපටයට හැකියාව ලැබිණ. සිංහල භාෂිත චිත්‍රපටයක් වූ පුත්තු හා පියවරු සුමතිගේ දෙවැනි සිනමාපටයයි. 2013 වසරේ මෙරට තිරගත වූ ඉංහිරුන්තු නමැති දමිළ සිනමාපටය ඇගේ පළමු අධ්‍යක්ෂණය වේ. මෙම සිනමාපටයේ සංගීත නිර්මාණය උදෙසා ඇන්තනි සුරේන්ද්‍රට ද ජාත්‍යන්තර සම්මානයක් ලැබිණ. ඒ ජායිපූර් ජාත්‍යන්තර සිනමා උලෙළේය. සිංහල සිනමාව සමග ගනුදෙනු කළ දමිළ සංගීතඥ පරම්පරාවන් දෙකක් පිළිබඳ අලළා කතා පුවත සැකසූ මෙම සිනමාපටයේ නිරංජනී ශන්මුගරාජා, බිම්සරා ප්‍රේමරත්න, එස්. ඒ. විනෝද්, උපුල් ශාන්ත සන්නස්ගල, ඇන්තනි සුරේන්ද්‍ර, රනිල් ජිතේන්ද්‍ර, අමාවස්යා සිරිසේන, මෛත්‍රී රාජේෂ්කුමාර් රංගන දායකත්වය සැපයීය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.