විසාකේසගේ ‘පාංශු’ සිනමාපටය ඈස්වාන් අන්තර්ජාතික කාන්තා සිනමා උලෙළට

මාර්තු 7, 2019

පෙබරවාරි මස ඊජිප්තුවේ ඈස්වාන් නගරයේදී නිමාව දුටු 03 වෙනි ඈස්වාන් අන්තර්ජාතික කාන්තා සිනමා උලෙළ  (Aswan International Women's Film Festival)  නියෝජනය කිරීමට විසාකේස චන්ද්‍රසේකරන්ගේ පාංශු සිනමාපටය පසුගියදා සමත්විය. උලෙළේ අන්තර්ගත වූ දීර්ඝ සිනමාපට තරඟය (Long Films Competition)  යටතේ උලෙළට සුදුසුකම් ලද පාංශු චිත්‍රපටය, පෙබරවාරි 24 වෙනිදා මහජනතාව උදෙසා ප්‍රදර්ශනය කළ අතර, එම දර්ශනය විසාකේස චන්ද්‍රසේකරන්ගේ ප්‍රධානත්වයෙන් හෙල්නන් ඈස්වාන් සිනමා ශාලාවේදී පැවැත්වුණි.

2017 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කළ ඈස්වාන් අන්තර්ජාතික කාන්තා සිනමා උලෙළේ තෙවන අදියර සඳහා කෙටි හා දීර්ඝ චිත්‍රපට 32ක් තරඟකාරි අංශයෙන් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබූ අතර, ඒ අතුරින් ප්‍රංශය, ග්‍රීසිය, චීනය, ඩෙන්මාර්කය, මොරොක්කෝව, ජෝජියාව, යේමනය, ලෙබනනය, හංගේරියාව ආදි රටවලට අයත් දීර්ඝ සිනමාපට 11ක් සමග ශ්‍රී ලංකාවේ පාංශු චිත්‍රපටය උලෙළේ ප්‍රධානතම තරඟකාරී අංශය වන‍ දීර්ඝ සිනමාපට තරඟය අංශය නියෝජනය කළේය. පෙබරවාරි 20 වැනිදා ආරම්භ වූ සිනමා උලෙළ 26 වෙනිදා අවසන් විය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.