ප්‍රීති රන්දෙණිය යළි රංගනයට

මාර්තු 14, 2019

ප්‍රීති රන්දෙණිය යනු ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණියගේ ප්‍රිය බිරියයි. ඇය රාජ ඇඳුමකින් සැරසී සිටින අන්දම අපට දක්නට ලැබුණේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමාපටය වන විජයබා කොල්ලයෙහි සේයාරූ කිහිපයක් නරඹන අතරතුරදීයි. ඉතා දිගු කලකට පසු ප්‍රීති රංගනයට පැමිණ තිබේ. ඒ එකී චිත්‍රපටයෙහි රංගනයෙන් සෙනාලි ෆොන්සේකාගේ මව හෙවත් බිසව ලෙසින් ඇය විජයබා කොල්ලය සිනමාපටයේ රඟනු ලබයි. දුහුළු මලක්, ගෝඩ් කිං, තරංගා, දෑස නිසා ආදී චිත්‍රපටයන්හි ප්‍රීති රන්දෙණිය චරිත මැව්වද විවාහයෙන් පසු රංගනයට අවතීර්ණ වන මුල්ම අවස්ථාව මෙයයි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.