අයිස්ක්‍රීම් ගීතය එළිදකියි

මාර්තු 14, 2019

ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ ඔහුගේ කුලුඳුල් සිනමාපටය අයිස්ක්‍රීම් හි ගීතය ඉකුත්දා අන්තර් ජාලය හරහා එළිදැක්විණි. හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය මවන මෙම සිනමාපටයෙහි තිර රචනය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පී කලණ ගුණසේකර විසින් සිදු කොට තිබේ. සරත් කොතලාවල, ජයලත් මනෝරත්න, බිමල් ජයකොඩි, අයිශාරා අතුකෝරල, රුක්මල් නිරෝෂ්, දමිතා අබේරත්න, වීණා ජයකොඩි, මධුශාන් නානායක්කාර, රොෂාන් රණවන, ඩී. බී. ගංගොඩතැන්න, චින්තක වාස්, චමිලා පීරිස් ඇතුළු පිරිස අයිස්ක්‍රීම් රංගනයෙන් හැඩ කරති. අයිස්ක්‍රිම් ගීතය සරසවිය වෙබ් අඩවිය ඔස්සේ නැරඹිය හැකිය.

Add new comment