ස්වර්ණාට යාපනයේදී හරසර

මාර්තු 14, 2019

ඉකුත් කාන්තා දිනය දා විශිෂ්ට සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි යාපනයේදී විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය. යාපනය වීරසිංහම් ශාලාවේ පැවති කාන්තා දින සැමරුමේදී ඇයට මෙලෙස ගරු බුහුමනට පාත්‍ර කරනු ලැබුවේ ශ්‍රී ලාංකේය සිනමාවට ඇය කළා වූ අද්විතීය මෙහෙවර උදෙසායි. එදින කොළඹ පැවති නොවැලැක්විය හැකි උත්සව කටයුත්තක් හේතුවෙන් ස්වර්ණාට එම සම්මානය ලබා ගැනීමට යාපනයට යාමට නොහැකි වූ අතර අනුෂා ස්වාමිනාදන් මහත්මිය ඇය වෙනුවෙන් එය ලබා ගත්තාය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.