ගින්නෙන් උපන් සීතල දින 60 ආදායම ලක්ෂ හයසියයි

මාර්තු 21, 2019

 අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ ගින්නෙන් උපන් සීතල සිනමාපටය තිරගත වීම ආරම්භ වී හෙටට දින හැටක් සම්පූර්ණ වේ. එය මේ වන විට ලක්ෂ හයසියයක් ඉක්ම වූ ආදායමකට හිමිකම් කීමට සමත්ව තිබේ. රෝහණ විජේවීරයන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ ගින්නෙන් උපන් සීතල සිනමාපටයේ රෝහණ විජේවීර චරිතය කමල් අද්දරආරච්චි විසින් නිරූපණය කරනු ලබයි. දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, සුලෝචනා වීරසිංහ, විශ්වජිත් ගුණසේකර ඇතුළු රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් මේ සඳහා රංගනයෙන් දායක වී තිබේ.

ගින්නෙන් උපන් සීතල චමත්කා පීරිස්ගේ නිෂ්පාදනයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.