චාමරගේ උතුරු සුළඟ මුල් අදියර සමාප්තයි

මාර්තු 21, 2019

චාමර පීරිස් අධ්‍යක්ෂණය කළ කුලුඳුල් සිනමාපටයේ පළමු අදියරේ රූගත කිරීම් ඉකුත් දා නිම විය. උතුරු සුළඟ ලෙසට නම තබා ඇති එය ර්‍ථඪය චදඤ ඹධපඤ ආයතනයේ නිෂ්පාදනයකි. එරංග ජීවන්ත සහ කාවින්ද්‍යා දුල්ෂානි මෙහි ප්‍රධාන චරිත මවන අතර සනත් ගුණතිලක, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි අශෝකමාලා, මීනා කුමාරි ඇතුළු පිරිස සෙසු ප්‍රධාන චරිතයන් මවනු ලබති.

කපිල සුගත්ගේ කැමරා අධ්‍යක්ෂණයකි. කීර්ති රුවන් ලාල්සන් සහාය අධ්‍යක්ෂණයෙන් එක් විය. ධම්මික හේවාදුවත්තගේ කලා අධ්‍යක්ෂණයෙන් හැඩ වූ මෙහි අංග රචනය අරුණ ශාන්ත ජයසූරියගෙනි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.