හොඳම Selfie ය

මාර්තු 21, 2019

සහේළි සදිත්මාව ඔබ වඩාත් හඳුනන්නේ සකු හැටියට. සකු ටෙලි නාට්‍යයේ සකු ලෙසට රඟපෑ හින්දා ඇය එනමින් ඉතාම ජනප්‍රිය වුණේ සහේළි සදිත්මා කියන ඇගේ සැබෑ නමද යටපත් කරමින්. සහේළි ඉකුත් දිනයකදී රයිගම් සම්මාන උලෙළේ නාමයෝජනා එළි දැක්වීම සිදු වූ මොහොතකට සහභාගි වුණා. එහිදී ඇය ඇතුළු පිරිස සකුගේ කතාව නාට්‍යයේ ගීතමය දර්ශනයකුත් ඉදිරිපත් කළා. ඊට පෙර සහේළි මවත් සමඟ උත්සව සභාවට පැමිණෙත්දි එතැන ප්‍රවීණ රංගධර රවින්ද්‍ර රන්දෙණිය ඉන්නවා දැක්කලු. සහේළිගේ මවට ඕනෑ වුණාලු ඔහු සමඟ සහේළිව තියලා ඡායාරූපයක් ගන්න. ඒ වුණාට සහේළියි මවයි සද්ද නැතුව හිටියලු. ගීතය රඟ දක්වලා ඉවර වෙලා ස්ටේජ් එකෙන් බහිද්දී රවී සහේළිව ළඟට ඇවිත් මට පුළුවන්ද ඔයත් එක්ක සෙල්ෆියක් ගන්න අහලා. රවී තම ජංගම දුරකථනය එළියට රැගෙන සහේළිත් එක්ක ෆොටෝ එකක් ගත්තලු. සාමාන්‍යයෙන් වෙන්නේ රවීන්ද්‍ර රන්දෙනිය එක්ක සෙල්ෆියක් ගන්න එක වුණත් මේ වුණ දේ ගැන නම් සහේලිටත් පුදුමයිලු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.