යළිත් රඟපෑමට සූදානම්

මාර්තු 21, 2019

රෝයි සුමනා කියන නාමය අප සිනමා ක්ෂේත්‍රයට හරිම සුපුරුදුයි. මේ සුසංයෝගය නිසා චිත්‍රපට රැසක් බිහි වුණා. ඒ වගේම සැබෑ ජීවිතයේදීත් අඹු සැමියන් ලෙස බොහොම ආදරණීයව දෙදෙනා කල් ගෙව්වා. රෝයි ද සිල්වා වියෝ වුණායින් පසුව සුමනා මෙලොව තනි වුණේ නොසිතූ වේලාවක. බොහෝ දෙනෙක් ඇය සමඟ රෝයි ගැන දුක් වුණා. කෙටි කාලෙකට සුමනා රෝයි වෙනුවෙන් කලා කටයුතු ද නවතාලනු ලැබුවා. අද වන විට හුදකලාව දිවි ගෙවන සුමනා රෝයි නැති පාළුව මකා ගන්නත් එක්ක යළි රඟපාන්න එන්න හිතාගෙන ඉන්නවා. එක අතකින් ඇගේ පාළුව කාන්සියත් මේ නිසා නැති වේවි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.