ස්වර්ණවාහිනී කඹ ඇදිල්ලේ ජය මාධ්‍යවේදීන්ට

මාර්තු 22, 2019

වැඩ තහනමකට ලක් වූ ස්වර්ණවාහිනි නාලිකාවේ සේවකයන් යළි සේවයට බඳවා ගත් බව වාර්තා වේ.

එලෙස සේවයෙන් අස් කරනු ලැබූ සේවකයන් අතර සම්මානනීය නිවේදක නදීක කරුණානායක, මුදිත විජේසුන්දර, තිළිණි පෙරේරා, අරුණ බණ්ඩාර වාසුන්දර ආදීන් ද සිටියහ.

එම නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී සේවයෙන් ඉවත් කරන්න යැයි ඉල්ලමින් සේවක වෘත්තීය සමිතියක් මඟින් ඉකුත් දින කිහිපය තුළදී විරෝධයක් දියත් කෙරිණ.

මේ සඳහා ප්‍රමුඛස්ථානය ගනු ලැබුවේ නදීක ඇතුළු පිරිසයි. අනතුරුව ස්වර්ණවාහිනියේ සේවකයන් දෙසිය පනහකට අධික සංඛ්‍යාවක් ඊට එක් විය.

සාකච්ඡාමය ක්‍රියා මාර්ගයකින් අනතුරුව එකී විරෝධතාවය අවසන් වූයේ මාධ්‍යවේදීන් ජය ලබමිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.