මහින්ද පතිරගේ අල්ලයි වල්ගේ සමඟ 06දා මහනුවර

මාර්තු 26, 2019

පුංචි තිරයේ පුරෝහිත සහ පිනා වැනි හාස්‍ය රංගනයන්ගෙන් අතිශය ජනප්‍රයත්වයට පත් මහින්ද පතිරගේ විසින් නිර්මාණය කරන ලද සිව්වැනි වේදිකා නාට්‍ය අල්ලයි වල්ගේ හාස්‍ය මුසු වේදිකා නාට්‍ය අප්‍රේල් මස 06 වැනිදා මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මහින්ද පතිරගේ විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරනු ලබන සිව්වැනි නාට්‍ය මෙය වන අතර මෙයට පෙර වේදිකාගත කළ කෝරළේ මහත්තයා, කලියුග කෝලං සහ ශක්‍ර භවන යන නාට්‍ය ත්‍රිත්වයද අතිශයින්ම ජනප්‍රියත්වයට පත් විය.
ධනුෂ්කා ජයරත්න, ජනක රණසිංහ, එරික් අබේවර්ධන යන ශිල්පීන් අල්ලයි වල්ගේ නාට්‍යයේ පණ පොවති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.