මෙවර විජය ගී තරුව තුසිත

මාර්තු 28, 2019

 නැසීගිය විජය කුමාරතුංගයන් අනුස්මරණය කරමින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන විජය ගී තරුව ආධුනික ගී තරගාවලියේ අවසන් තරගය ඉකුත් දා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණ. එහිදී තුසිත තන්ත්‍රිගේ 2019 විජය ගී තරුව ලෙස අභිසෙස් ලැබූ අතර ඔෂාධි කිත්මිණි අනූ සූරතාවය හිමි කර ගත්තීය.

විජය කුමාරතුංගගේ ප්‍රථම පුවත්පත් ලිපිය ලියනු ලැබූ ප්‍රවීණ මාධ්‍යවේදී ආතර් යූ. අමරසේන විජය කුමාරතුංග උපහාර අභිනන්දන සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ ආදරණීය බිරිය ශ්‍රියාණි අමරසේන උලෙළේ මුලසුන හෙබවීය. චිත්‍රපට අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාර විජය කුමාරතුංග අනුස්මරණ දෙසුම පවත්වන ලදී. විශාරද කරුණරත්න වනසිංහ, විශාරද නිමල් ගුණසේකර, මාධ්‍යවේදී සඳුන් ගමගේ, විමලරත්න ඩී. කටුලන්ද, ටෝනි හසන් මෙවර විජය ගී තරුව තරගාවලියේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළහ. මෙය සංවිධානය කරනු ලැබූ විජය කුමාරතුංග අනුස්මරණ සහෘද සංසදයේ සභාපති අනුර ශ්‍රීනාත් මෙහිදී නිවේදනයෙන් දායක විය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.