ප්‍රවීන මාධ්‍යවේදී දයා අබේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි.

මාර්තු 29, 2019

මෙරට ප්‍රවීන මාධ්‍යවේදියෙකු වූ මෙතුමා ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුල මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසද කටයුතු කල අයෙකු විය.

සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රේම්ජයන්ත් ගේ ළමා කාලය නිරුපනය කල මෙතුමා, ප්‍රවීන නර්තන ශිල්පිනි පද්මිණි දහනායක සමඟ මෙම චිත්‍රපටයේ ජිවන මේ ගමන සංසාරයේ ගීතයට රංගනයෙන් දායක වීම එදා මෙදා තුර ප්‍රේක්ෂකයින්ට අමතක නොවන මතකයක් විය.

මෙතුමා දිගු කලක් ස්වාධින රුපවාහිනි සේවයේ 'Rupees and Sense' වැඩසටහන මෙහෙයවූ අතර මෙතුමා ප්‍රවීන ගීපද රචක කරුණාරත්න අබේසේකරගේ සහෝදරයා විය.

මිය යන විට මෙතුමා 80 වන වියේ පසුවිය.  

දේහය හෙට(30වන සෙනසුරාදා)සවස 7 සිට ජයරත්නමල් ශාලාවේ තැන්පත් කර තබන අතර, අවසන් කටයුතු 31 වන ඉරිදාසවස 4.30ට බොරැල්ල සුසාන භුමියේදි සිදු කරනු ලබයි.

Add new comment