ගාමිණි ගීසර 28 දා

මාර්තු 28, 2019

 ගුවන් විදුලි ගායන ශිල්පී ගාමිණී පතිරණගේ කලා දිවියට තිස් වසරක් සපිරීම නිමිති කර ගනිමින් සංවිධානය කළ ගාමිණී ගීසර ප්‍රසංගය අද (28) සවස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අධිකාරි පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. අමාත්‍ය කබීර් හෂිම් මෙදින ප්‍රධාන ආරාධිතයා වශයෙන් ප්‍රසංගයට සහභාගි වනු ඇත. කීර්ති පැස්කුවල්, ඉන්ද්‍රානි පෙරේරා ප්‍රමුඛ ආරාධිත ගායක ගායිකාවන් කිහිප දෙනෙක් ගාමිණී සමඟ ප්‍රසංගය රසවත් කිරීමට එකතු වෙති.

සුපර් රිදම්ස් වාදක මණ්ඩලය සංගීතය මෙහෙයවනු ලබයි. කථනය ප්‍රියන්ත විජේසිංහ සමඟ නන්ද උඩුවිලගෙනි. උදාගම් වේදිකාවේ ගී ගයා ජනතා ප්‍රසාදයට පත් ගාමිණී සෙනෙහස ඔබගෙ කෙලෙස පතන්නද, ඔබ ආදරෙන් ආදී ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඉදිරිපත් කොට තිබේ. ජෝර්ජ් රොබ්සන් ද සිල්වා, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ආචාර්ය අජන්තා රණසිංහ ආදීහු ඔහුට ගීත රචනා කොට ඇත.

 

Add new comment