Avengers: Endgame වෙනුවෙන් හින්දි ගීතයක්

අප්‍රේල් 2, 2019

මාවල් සිනමා රසිකයන් දෑස් දල්වා බලා සිටින මාවල් සිනමා විශ්වයේ 22 වැනි සිනමා නිර්මාණය Avengers: Endgame අප්‍රේල් 26 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීමට සූදානම්.

ඉන්දියාව මෙම චිත්‍රපටය වෙනුවෙන් හින්දි බසින් තේමා ගීතයක් නිර්මාණය කරලා.

එහි සංගීත නිර්මාණය කර ගායනා කරන්නේ ඔස්කාර් සම්මානලාභි සංගීත අධ්‍යක්ෂවරයකු වන ඒ. ආර්. රහ්මාන් විසින්. රහ්මාන් රංගනයෙන් දායක වන එම ගීතය මේ වන විට අන්තර්ජාලයේ ඉහල ජනප්‍රියත්වයක් ලබා ගන්න සමත් වී තිබෙනවා.

දෙමළ සහ තෙළිඟු බසින් ගැයෙන ගීත ද ඉදිරි සතිය තුළදී එළිදැක්වීමට නියමිත බව රහ්මාන් සිය ටිවිටර් ගිණුමේ සඳහන්කර තිබෙනවා.

Avengers: Endgame චිත්‍රපටයේදී සිනමා විශ්වයක් තනා දිවියෙන් සමුගෙන ගිය ස්ටෑන් ලී ගේ විශේෂ රංගන දායකත්වය දැක ගැනීමට ලැබෙන අවස්ථාව සහ ක්‍රිස් එවන්ස් කැප්ටන් අමෙරිකා ලෙසින් කළ අවසන් රංගනය ද මාවල් සිනමා රසික රසිකාවන්ට විශේෂවනු ඇති.

Avengers: Endgame අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, ඇන්තනි රූසෝ සහ ජෝ රූසෝ නම් දෙසොහොයුරන් විසින්.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.