බොලිවුඩයට පිවිසෙන මීළඟ තරු දරුවා

අප්‍රේල් 3, 2019

බොලිවුඩයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම නිෂ්පාදකවරයකු වන කරන් ජොහාර් වාර්තා ගත චිත්‍රපට නිර්මාණයට මෙන්ම තරු දරුවන් සිනමා ක්ෂේත්‍රයට හඳුන්වා දීම අතිනුත් ප්‍රසිද්ධයි. "චිත්‍රපට අධ්‍යක්ෂ මහේෂ් භාත්ගේ දියණිය ආලියා භාත්, අධ්‍යක්ෂ ඩේවිඩ් ධවාන්ගේ පුතු වරුන් ධවාන්, ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය ජාන්වි කපූර්, රාජේෂ් ඛේතර්ගේ පුතු ඉෂාන් ඛේතර් සිනමාවට හඳුන්වා දුන්නෙත් කරන්.

මීළඟට කරන් සිනමාවට තවත් තරු දරුවෙක් හඳුන්වා දෙන්න සූදානම්. ඔහු වෙන කවුරුවත් නොව බොලිවුඩයේ කිං ඛාන්ගේ වැඩිමහල් පුතු ආර්යන් ඛාන්.

ආර්යන් කුළුඳුලේ කරන්ගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නේ රංගනයෙන් නම් නොවන බවයි බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ.

කරන් අධ්‍යක්ෂණය කරන Takht චිත්‍රපටයට ආර්යන් සහය අධ්‍යක්ෂණයෙන් දායක වීමට සූදානම් බව බොලිවුඩ් පුවත් ගෙන එනවා.

මේ පිළිබඳ ශාරුක් ගෙන් කළ විමසීමකදී ඔහු පවසා තිබෙන්නේ මෙවැන්නක්. “ආර්යන් රංගනය වඩා සිනමා අධ්‍යක්ෂණයට වගේම තිරරචනයට උනන්දුයි. දියණිය සුහානා නම් රංගනයට වැඩි කැමැත්තක් දක්වනවා. කරන්ගේ චිත්‍රපටයට දායක වීම ආර්යන්ට වටිනා අත්දැකීමක් වේවි. කෙසේ නමුත් ඉදිරි වසර හය තුළ ඔහු සිය අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුයි.“

ක්‍රියාදාම චිත්‍රපටයක් වන Takht හි රන්වීර් සිං, කරීනා කපූර් ඛාන්, අනිල් කපූර්, ආලියා භාත්, විකී කෞෂාල්, ජාන්වි කපූර් ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වීමට නියමිතයි. එය තිරගත කිරීමට නියමිතව තිබෙන්නේ 2020 වසරේදී යි.

 


 

Add new comment