ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ 10 දා

අප්‍රේල් 4, 2019

මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු පිරිස් ඇගයීම උදෙසා සංවිධානය කරනු ලැබූ ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ (2018) අති උත්කර්ෂවත් අන්දමින් මෙම මස 10 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගිවීමට නියමිතය. උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම මුඛ්‍ය අරමුණු කර ගනිමින් ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළක් පැවැත්වීමට තීරණය කරනු ලැබුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟිනි. මෙහි සෙසු අරමුණු ලෙස,

* ජනමාධ්‍යවේදීන්ගේ විවිධ දක්ෂතා කුසලතා හැකියාවන් සහ සුවිශේෂි නිපුණතා හඳුනා ගැනීම

* වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් බිහි කිරීම සඳහා පසුබිම නිර්මාණය කිරීම

* සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රය හොඳින් දැනුම්වත් වූ සිවිල් සමාජයක් ගොඩ නැගීම

* ආවරණය වන පරිදි කරනු ලබන කාර්ය සාධන ඇගැයීම තුළින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ජනමාධ්‍යවේදීන්ට ලබාදීම හඳුන්වා දිය හැකිය.

උලෙළ සඳහා සලකා බැලෙනුයේ 2017. 01. 01 සිට 2017. 12. 31 දක්වා කළ නිර්මාණය. සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය සඳහා සම්මාන වෙන් කොට ඇති අතර උලෙළේ සම්මාන ලබාදීමට යෝජනා වී ඇත්තේ මේ අයුරිනි.

පුවත්පත් ක්ෂේත්‍රය

ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාව

ප්‍රශස්ත ඡායාරූපය

ප්‍රශස්ත තීරු ලිපිය

ප්‍රශස්ත කාටුන් නිර්මාණය

ප්‍රශස්ත පිටු සැලසුම

ප්‍රශස්ත විශේෂාංග ලිපිය

ප්‍රශස්ත විමර්ෂණාත්මක පුවත

වසරේ නැඟී එන පුවත්පත් කලාවේදියා

 

ගුවන් විදුලි ක්ෂේත්‍රය

ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාව හෝ ඉදිරිපත් කිරීම

ප්‍රශස්ත ගුවන් විදුලි වැඩ සටහන

ප්‍රශස්ත ළමා වැඩ සටහන

ප්‍රශස්ත ගවේශනාත්මක වැඩ සටහන

ප්‍රශස්ත අධ්‍යාපනික වැඩ සටහන

නැගී එන ගුවන් විදුලි මාධ්‍යවේදියා

 

රූපවාහිනී ක්ෂේත්‍රය

ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාව

ප්‍රශස්ත ප්‍රවෘත්ති නිවේදනය

ප්‍රශස්ත වැඩ සටහන් ඉදිරිපත් කිරීම

ප්‍රශස්ත ගවේෂණාත්මක වැඩ සටහන

ප්‍රශස්ත වාර්තා වැඩ සටහන

ප්‍රශස්ත සංවාදාත්මක වැඩ සටහන

ප්‍රශස්ත අධ්‍යාපනික වැඩ සටහන

ප්‍රශස්ත ටෙලිවිෂන් මාධ්‍යවේදියා

 

වෙබ් අඩවි ක්ෂේත්‍රය

ප්‍රශස්ත ප්‍රවෘත්ති වෙබ් අඩවිය

ප්‍රශස්ත වෙබ් වාර්තාකරණය

ප්‍රශස්ත බහුමාධ්‍ය භාවිතය

ප්‍රශස්ත බ්ලොග් රචක

ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළේ යාවජීව සම්මාන හතරක් පිරිනැමේ. ඒ අනුව පුවත්පත් ක්ෂේත්‍රය වෙනුවෙන් ආචාර්ය එඩ්වින් ආරියදාස, ගුවන් විදුලි ක්ෂේත්‍රය වෙනුවෙන් කරුණාරත්න අමරසිංහ, රූපවාහිනි ක්ෂේත්‍රය වෙනුවෙන් ලූෂන් බුලත්සිංහල, වෙබ් ක්ෂේත්‍රය වෙනුවෙන් ලක්ෂ්මන් ජයවර්ධන යන ප්‍රවීණයින්ට එම සම්මානයන් ලබා දෙනු ඇත.

මෙහි සම්පත් දායකත්වය

ගරු බෙනඩික් ජෝශප් පියතුමා

ආචාර්ය පැට්‍රික් රත්නායක

ආචාර්ය රංග කලංසූරිය

ආචාර්ය එම්. ජේ. ආර්. ඩේවිඩ්

කථිකාචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක

නිමල් ඒකනායක

Add new comment