සුනිල් පෙරේරා ජය ශ්‍රී ඇමැතිතුමාට ගයන ගී . . .

දැන් සරසවිය වෙබ් අඩවියෙන් රස විඳින්න
අප්‍රේල් 4, 2019

 ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ ජය ශ්‍රී ඇමතිතුමා සිනමාපටයේ ගීතය ඉකුත් දා එළිදැක්විණි. ඒ රීගල් සිනමා ශාලාවේ පැවති උත්සවයකදීය. ජිප්සීස් සුනිල් පෙරේරා සංගීතවත් කොට ගායනා කරනු ලැබූ එය නම් කොට ඇත්තේ දියවන්නාවේ තියෙන්නේ මොන්ටිසෝරියක් ලෙසටයි.

ජනප්‍රිය ගීත රැසක් රචනා කරනු ලැබු චන්ද්‍රදාස ප්‍රනාන්දු විසින් මෙහි පදමාලාව රචනා කර තිබේ. ජයශ්‍රී ඇමතිතුමා ජනිතගේ පස්වැනි සිනමා නිෂ්පාදනය වේ. මගෝඩිගෝඩයි, කිව්වද නහී නොකිව්වද නහී, මගේ යාළු මාළු සහ ඇඩ්ඩ්‍රස් නෑ ජනිත නිෂ්පාදනය කළ චිත්‍රපට වේ. ජයශ්‍රී ඇමතිතුමා නිශාන්ත වීරසිංහගේ අධ්‍යක්ෂණයකි.

තව නොබෝ දිනකින් සී, ඊ. එල්. මණ්ඩලයේ තිරගතවීමට නියමිත මෙම සිනමාපටයෙහි ඇමති චරිතය රඟපානු ලබන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් විසිනි. සහාය චරිතය ටෙනිසන් කුරේ විසින් නිරූපණය කරන අතර ශ්‍රියන්ත සහ ටෙනිසන් එකට රඟපානුයේ ප්‍රථම වතාවටය.

කුසුම් රේණු, දමිතා අබේරත්න, ගයත්‍රි ඩයස්, ආරියසේන ගමගේ, ලක්ෂ්මන් අමරසේකර, ඩී. බී. ගංගොඩතැන්න, ශිරෝමිකා ප්‍රනාන්දු ඇතුළු පිරිස සෙසු ප්‍රධාන චරිත රඟ දක්වති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.