බර වැඩි වුණ මිනී පෙට්ටිය

අප්‍රේල් 4, 2019

සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ වැලිපවුරු සිනමාපටය තව නොබෝ දිනකින් තිරගත වෙනවා. එහි පියුමි ලෙටස දිල්හානි අශෝකමාලා රංගනයේ යෙදෙනවා. පියුමි කියන්නේ දරුවන් දෙදෙනකු ඉන්න ආදරණීය මවක්. කතාවට අනුව අතරමගදී පියුමි මියයනවා. ඒ දර්ශනය රූපගත කළේ දිල්හානිව ඇත්තටම මිනී පෙට්ටියක තියලා. ඇගේ අතිජාත යෙහෙළියක් වන ගයත්‍රි මේ දර්ශනය ගන්න වෙලාවේ එතැන හිටියා. මිනී පෙට්ටියේ සැතපිලා ඉන්න දිල්හානිත් එක්ක සෙල්ෆියක් ගහන්න ඇයට ඕනෑ වුණා. සෙමෙන් එතැනට කිට්ටු කළ ඇය මිනී පෙට්ටියට බර වුණේ සෙල්ෆිය ගන්න හැඩයකුත් මවාගන්න. ගමන්. ඒත් ඒක ගන්න ලැබුණේ නැහැ. ලොකු සද්දයක් නගමින් මිනී පෙට්ටිය කඩාගෙන වැටුණා. දෙන්නටම හිතාගන්න බැහැ මේ මොකද වුණේ කියලා. අන්තිමේ සෙල්ෆිය නිසා කැඩුණු මිනී පෙට්ටිය වෙනුවට අලුත් එකක් ගේන්න වුණා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.