එච්. එම්. සමු ගනී

අප්‍රේල් 8, 2019

ප්‍රවීණ සංගීතවේදී එච්. එම්. ජයවර්ධන අද (අප්‍රේල් 08) අභාවප්‍රාප්ත විය.

සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයකු වන ඔහු දිගු කලක් රෝගාතුරව සිටියේය.

අතිශය ජනප්‍රිය ගීත රැසක් නිර්මාණය කළ එච්. එම්. නැසීගිය ගායන ශිල්පිනී මාලිනි බුලත්සිංහලගේ දයාබර සැමියා වේ.

ඇගේ ජනප්‍රියත්වයට එච්. එම්. ගේ ගී තනු බොහෝසෙයින් උපකාරි විය.

සඳ තරු නිහඬයි (පණ්ඩිත් අමරදේව), මාල ගිරවියේ (දිවුල්ගනේ), ඇය යන්න ගියා මැකිලා (අමරසිරි පීරිස්), හිමි නැති පෙමකට (මාලිනි බුලත්සිංහල), කඩමණ්ඩියේ (නන්දා මාලිනි) ආදී ජනප්‍රිය ගීත ගොන්නක් ඔහුගේ නිර්මාණයන් අතර වේ.

ඔහු 1981 වසරේදී ආචාර්ය රෝහණ වීරසිංහ සමඟින් සංගීත අධ්‍යක්ෂණය කළ ‘ආරාධනා' චිත්‍රපටය වෙනුවෙන් හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානයෙන්ද පිදුම් ලැබීය.

එච්. එම්. ජනප්‍රිය සංගීත ශිල්පී කසුන් කල්හාරගේ පියාණන් ද වේ. එච්. එම්.ගේ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිත අතර අද සවස සිට දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.