ලෙස්ටර් නමීන් කෞතුකාගාරයක්, නිහාල්සිංහ නමීන් සංරක්ෂණාගාරයක්, ගාමිණි ෆොන්සේකා නමින් සිනමා පාසලක්

අප්‍රේල් 4, 2019

ලාංකේය මහා සිනමාවේදි ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් ජන්ම ශත සංවත්සරය අද දිනට යෙදි තිබුණි.එයට සමගාමිව ඔහු නම්න් ජාතික චිත්‍රපට සංස්ථා භුමියේදි රුපියල් ලක්ෂ150 වියදමින් ඉදිකෙරෙන කෞතුකාගාරය සදහා නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ සුමිත්‍ර පිරිස් මහත් මිය මුල් ගල තැබුහ.දැනට පවතින තරංගනි සිනමා ශාලාව ලෙස්ටර් ජේමිස් පීරිස් සිනමාහල නමින් නම් කෙරිණි. ඒ අති විශේෂ ගැසට් පත්‍රයක් මගිනි.ආචාර්ය ඩීබි.නිහාල්සිංහ නමීන් සිනමා සංරක්ෂණාගාරයක් ද අචාර්ය ගාමිණි ෆොන්සේකා නමින් සිනමා පාසලක් ද ඉදිකිරිමට කටයුතු යොදන බව අමාත්‍ය වරයා වැඩි දුරටත් පැවසිය.


සටහන හා සේයා නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.