දුම්මලසූරිය ෆැරා සංගීත කණ්ඩායම

අප්‍රේල් 11, 2019

ප්‍රසංග කාලවේ නව මාන සොයා යමින් තම රසික ජනතාවට දැනෙන වෙනසක් ලාබදෙන්නට සමත් වූ දුම්මලසූරිය සූරිය පුර ෆැරා සංගීත කණ්ඩායම කෙටි කාලයක් තුළ ඉතා ඉහළ රසික ප්‍රතිචාර මැද යුගයේ ජනප්‍රියම හා කාර්ය බහුලතම සංගීත කණ්ඩායම් අතරට එක්වීමේ වරම, වාසනාව ලබාගෙන ඇත.

සම්පත් (රිදම්) තිළිණ (ලීඩ්) මධුක (බේස්) ඩිලාන් (කීබෝඩ්) චානුක (ඔක්ටපෑඩ්) වාදනයෙන් සංගීත කණ්ඩායම හැඩ කරවන අතර තිළිණ රුමේෂ්, සෂී, අමිල ගායනයෙන් ෆැරා සංගීත කණ්ඩායමට සහාය ලබා දේ.

මේ සියලු දෙනා පිරිවරා ගෙන අභිිමානනීය සංගීත චාරිකාවක යෙදී සිටින ෆැරා සංගීත කණ්ඩායමේ නායකයා වන්නේ තරිඳු හේරත්ය. ඔහු සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා ද වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.