ජාතික රූපවාහිනියේ සිරිලක සිරි

අප්‍රේල් 11, 2019

ජාතික රූපවාහිනියේ සිරිලක සිරි අවුරුදු සිරි බක්මහ වැඩසටහන් මාලාව අප්‍රේල් 13 සහ 14 යන දිනයන්හි වීරවිල සහ තිස්සමහාරාමයේ සිට සජීවි ලෙස විකාශය කෙරේ. අප්‍රේල් 13 වැනිදා ජලක්‍රීඩා තරග වීරවිල පන්තේගමුව වැව් පරිශ්‍රයේ සිට සජීවි ලෙස ඉදිරිපත් කරනු ලබයි. එදින සවස අවුරුදු කුමාරි විශේෂාංගය පැවැත්වෙනු ඇත. අලුත් අවුරුදු දා එනම් 14 ඉරිදා නැකැත් චාරිත්‍ර ගෙන එනුයේ ජනපති නිල නිවස, රූපවාහිනි පරිශ්‍රය, සහ තිස්සමහාරාමය යන ස්ථාන ත්‍රිත්වය සමගාමීව සම්බන්ධකර ගනිමිනි. එදින රාත්‍රියේ සුන්දර නුවරඑළිය මහෝත්සවය යනුවෙන් සංගීතමය ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය. අප්‍රේල් 15 සඳුදා සිරිලක සිරිඅවුරුද සිරි පාපැදි සවාරිය සහ මැරතන් තරගය ඇරැඹේ. ජය සමඟ අවුරුදු ක්‍රීඩා මංගල්‍ය තිස්සමහාරාමයේ සිට විකාශය කෙරේ. මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය කළුතර බෝම්බුවල රජමහ විහාරස්ථානයේ සිට ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමට රූපවාහිනිය විධිවිධාන යොදා තිබේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.