සෝලා පවර් කට් වෙලා?

අප්‍රේල් 11, 2019

මේ දිනවල විදුලි අර්බුදයක් තියෙනවා. බොහෝ ප්‍රදේශවලට පැය ගණන් කරන්ට් එක නැහැ. මේකට විසඳුමක් ලෙස ඇතැමුන් වෙනත් විකල්ප දේවලට යොමු වෙලා. හිරු එළියෙන් විදුලිය උත්පාදනය කරන්න පුළුවන් උපකරණ සමහරු තම නිවාසවලට සවි කරලා. ඒ අයට නම් පවර්කට් අදාළම නැහැ. එහෙම සෝලාපවර් සිස්ටම් එකක් සවි කරගෙනත් කළුවරේ ඉන්න පවුලක් අපට හමු වුණා. ඒක මහ අප්‍රබංස කතාවක් වගේ පෙනුණට වෙලා තියෙන්නෙත් ඒකම තමයි. මෙහෙම අඳුරේ ඉන්නේ අප හිතාදර එඩ්වඩ් පවුල. එඩ්වඩ් පවුල කියලා කිව්වේ චරිතා විතරක් නෙවෙයි පුතා, දුව යනාදියෙන් සමන්විත පවුලයි. මේ අයගේ නිවෙසට සෝලාපවර් සිස්්ටම් එකක් තියෙනවා. ඒත් කරන්ට් කපන වෙලාවට කරන්ට් එකත් යනවා. ඇත්තටම සෝලාපවර් සිස්ටම් එකත් තියාගෙන එඩ්වඩ්ලා මොකද මේ කරන්නේ. ඉන්න... ඒකත් හොයලා බලලා කියන්නම්.

Comments

Darshana Harisc... (තහවුරු වී නොමැත)
මේක සෝලා ගැන මෙලෝ හසරක් නොදන්න කෙනෙක් ලියපු එකක්. හිතෙන හිතෙන දේවල් ලියන්න කලින් අධ්‍යයනය කරා නම් තමයි හොඳ... කරුණාකර මේ කලාකරුවන්ට සිදුවුන අපහසුතාව පිළිබඳ කණගා‍ටුව පළකරන්න. සරලව කියන්නම්... සෝලා පද්ධති වර්ග දෙකක් තියෙනවා... එකක් විදුලිය නිපදවලා ප්‍රධාන විදුලි පද්ධතියට ලබා දෙනවා... ගබඩා කර ගැනීමක් නෑ. ගොඩක් නිවෙස් වල තියෙන්නෙ එහෙම පද්ධති. එහෙම වෙන්නෙ නොදැනුවත්කම සහ සේවා සපයන ආයතන පාරිභෝගිකයින්ව නිසි පරිදි දැනුවත් නොකරන නිසා. ලයිට් කැපුවොත් එහෙම පද්ධතියකින් කිසිම වැඩක් නෑ.. විශේෂයෙන් රෑට. අනෙක් පද්ධති වර්ගයෙන් විදුලිය ගබඩා කරලා පසුව පාවිච්චි කරන්න පුලුවන්. ලංකාවෙ එහෙම පද්ධති අඩුයි.
අග, 04/16/2019 - 09:40

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.