වීරයකු හමු වී

අප්‍රේල් 11, 2019

අප සිනමාවේ සිටින කාර්යබහුලම සහාය අධ්‍යක්ෂවරයා කවුද? ඒ පැනයට ඇත්තේ එකම එක පිළිතුරයි. ඩොනල්ඩ් ජයන්ත තමයි. එම සහාය අධ්‍යක්ෂවරයා සිනමාවට පෙම් බැඳි දා පටන් සිනමා අධ්‍යක්ෂවරුන් තමයි ඩොනාගේ වීරයින්. පැරැණි චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට ඩොනල්ඩ් හරියට ගරු කරන්නේ ඒකයි. ඉකුත් දිනයකදී ඔහුගේ වීරයකුව සිටි අධ්‍යක්ෂවරයකු සියැසින් දැකගෙන ඔහුත් එක්ක ඡායාරූපයකට පෙනී සිටින්න ඩොනල්ඩ්ට හැකියාව ලැබුණා. මෙහෙම ඩොනල්ඩ්ට හමු වුණේ ජනපි‍්‍රය අධ්‍යක්ෂවරයකු වන ජෝ දේව් ආනන්ද. ගීතා, සුජීවා, සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි, මිනිසුන් අතර මිනිහෙක් ආදී සිනමාපටයන් රැසක් ඔහු විසින් නිරමාණය කළා. එදින ඔවුන් හමුවෙලා පැරැණි රසවත් සිදුවීම් යළි යළිත් ආවර්ජනය කළා. ඩොනල්ඩ් එක්ක මේ ගමනට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියත් එකතු වුණ. ඕං ඉන්නවා මේ තුන්දෙනා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.