‘අන්ද නිමිදම්’ එතෙර මෙතෙර සුසංයෝගයෙන් ප්‍රචාරක පටය 11 වැනිදා ඉන්දියාවේදී එළිදකියි

ලාල් වීරසිංහ ප්‍රබල රංගනයක යෙදෙන
මැයි 9, 2019

මෙරට නළු නිළියන් කිහිප දෙනකු රංගනයෙන් දායක වූ දමිළ සිනමාපටයක පූර්ව ප්‍රචාරක පටය සහ ගීත චෙන්නායි ප්‍රසාද් චිත්‍රාගාරයේදී මෙම මස 11 වැනිදා එළිදැක්වීමට නියමිතය. අන්ද නිමිදම් ලෙසට නම තැබූ එහි ප්‍රධාන චරිත හතරෙන් එකක් රංගනයේ යෙදෙනුයේ ලාල් වීරසිංහයි. රුද්‍රා, නොෂීන්, සංජනා නයිදු ඇතුළු කොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් රැසක් චරිත මවන මෙය හින්දි, මලයාලම් භාෂාවලින් ද හඬ කැවීමට නියමිත චිත්‍රපටයකි. චන්න පෙරේරා, කුමාර ජයකාන්ත, රජිත හිරාන් චාමිකර මෙරටින් අන්ද නිමිදම් සඳහා දායක වූ සෙසු නළුවෝය. ආර්. කේ. යේසු අධ්‍යක්ෂණය කළ මෙහි කතාව ලාල් වීරසිංහගෙනි. තංගයියා කැමරා අධ්‍යක්ෂවරයාය. අරුණගිරි සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු වේ. අරුණ් භාරතීගේ ගීපද රචනයකි. එස්. ආර්. මුරුගල් සටන් අධ්‍යක්ෂවරයාය. රේඛා මාස්ටර් නර්තන අධ්‍යක්ෂණයෙන් දායක විය. මෙරට මෙන්ම ඉන්දියාවේ රූපගත කළ අන්ද නිමිදම් ළඟදීම තිරගතවීමට නියමිතය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.