විසංගමනයට ලිෆ්ට් ඕෆ් උලෙළේ දෙවැනි තැන

මැයි 9, 2019

රන්ජන් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ විසංගමනය සිනමාපටය එංගලන්තයේ පැවැති ලිෆ්ට් ඕෆ් ජාත්‍යන්තර සම්මාන උලෙළ නියෝජනය කිරීමට වරම් ලැබීය. එහිදී එම සිනමාපටය අධ්‍යක්ෂවරයාගේ ප්‍රථම අධ්‍යක්ෂණය සඳහා පිරිනැමෙන සම්මානයෙහි දෙවැනි තැන දිනා ගැනීමට සමත් විය. පළමු ස්ථානයට හිමි සම්මානය දිනා ගත්තේ පෝලන්තයේ ටොටෙම් සිනමාපටයයි. ප්‍රථම වතාවට පැවැත් වූ ලිෆ්ට් ඕෆ් සම්මාන උලෙළ සඳහා ලෝකයේ රටවල් ගණනාවකින් චිත්‍රපට තිස් අටක් ඇතුළත් විය. එහිදී අධ්‍යක්ෂවරයාගේ පළමු සිනමාපට කාණ්ඩය යටතේ අවසන් වටයට චිත්‍රපට පහක් තේරී පත් වූ අතර විසංගමනය ඒවා අතරින් දෙවැනි තැන හිමි කර ගත්තේය.

මහේෂ් විජේරත්න විසින් නිෂ්පාදනය කරනු ලැබූ මෙම සිනමාපටය උපාලි ගම්ලත්ගේ තිර රචනයකි. ඩග්ලස් රණසිංහ, අශාන් ඩයස්, හයිසින්ත් විජේරත්න, සේමිණි ඉද්දමල්ගොඩ, සමනලී ෆොන්සේකා, උදිත් අබේරත්න, නිරෝෂන් විජේසිංහ, චින්තක කුලතුංග, චරිත් අබේසිංහ, ඉෂාන් මෙන්ඩිස්, ගාමිණී ජයලත්, බන්දුල සූරිය බණ්ඩාර, සුජීව කරුණාරත්න විසංගමනයහි රංගනයේ යෙදෙති.

Comments

Praneetha Perera (තහවුරු වී නොමැත)
Jayawewa
අග, 05/14/2019 - 16:20

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.