72 වැනි කාන් සිනමා උලෙළ 14 සිට 25 දක්වා

මැයි 9, 2019

ලොව සුන්දරතම සිනමා උලෙළක් ලෙසින් සැලකෙන කාන් සිනමා උලෙළ මැයි 14 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා ප්‍රංශයේ කාන්හිදී පැවැත්වේ. මෙවර සිනමා උලෙළේ සභාපති ධුරය හොබවනු ලබන්නේ, මෙක්සිකානු චිත්‍රපට අධ්‍යක්ෂ ඇලෙක්සැන්ද්‍රෝ ගොන්සාලේස් ඉනාරීතු විසිනි.

මෙවර පැවැත්වෙන 72 වැනි කාන් සිනමා උලෙළෙ ජිම් ජර්මුෂ්ගේ  The Dead Don't Die  නම් සොම්බි චිත්‍රපටයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මෙවර පැල්මාදෝ සම්මානය වෙනුවෙන් ප්‍රංශය, බ්‍රසීලය, අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ඔස්ට්‍රියාව, පෘතුගාලය, බෙල්ජියම, කැනඩාව, ස්පාඤ්ඤය, දකුණු කොරියාව, ඉතාලිය, රුමේනියාව, චීනය නියෝජනය කරමින් චිත්‍රපට 21ක් නිර්දේශ අතරට එක් වී තිබේ. මෙවර කාන් සිනමා උලෙළේ දැන්වීම් පත්‍රිකාව හැඩ වී තිබෙන්නේ ප්‍රංශ නව රැල්ලේ චිත්‍රපටයක් වන ඇග්නස් වර්දාා විසින් අධ්‍යක්ෂණය කර 1955 වසරේදී තිරගත කෙරුණු La Pointe Courte චිත්‍රපටයේ ඡායාරූපයකිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.