අලුත් වැඩක

මැයි 9, 2019

දමිතා අබේරත්න ගැන අලුත් ආරංචියක්. ඇය ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසිලාලු. දමිතා මෙහෙම ආරම්භ කරලා තියෙන්නේ ටැක්සි සර්විස් එකක්ලු. ද ගෝ යනුවෙන් තමයි නම තබලා තියෙන්නේ. කලාව කරගෙන යන ගමන් අමතර ආදායම් මාර්ගයක් හැටියට බොහෝ කලා ශිල්පීන් ව්‍යාපාර තෝරා ගන්නවා. දමිතත් කරන්න ඇත්තේ එවැනිම කටයුත්තක්. ඇගේ පෙම්වතා සහ තවත් මිත්‍රයකු සමඟයි මෙම ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. ඇය මෙලෙස ආරම්භ කළ මෙම කර්තව්‍යය ඉතාම සාර්ථක එකක් වේවා යැයි සරසවිය එක සිතින් පතනවා.

 

Add new comment