සුභා තෙරණියෝ තිරයට...

මැයි 16, 2019

 

 සුමිත් කුමාර අධ්‍යක්ෂණය කළ සුභා තෙරණීයෝ සිනමාපටය ඉකුත් 15 වැනිදා (ඊයේ) සිට තිරගත වීම ආරම්භ විය. මෙහි සුභා තෙරණිය ලෙස රුවන්ගි රත්නායක රංගනයේ යෙදෙයි. ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, රොෂාන් රණවන, මහින්ද පතිරගේ, උදයන්ති කුලතුංග, නිමල් පල්ලෙවත්ත, කුමාර වඳුරැස්ස, තිළිණි පෙරේරා ඇතුළු පිරිස මෙහි චරිත මවති.

අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂවරයාය. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු විය. පිටපත් රචනය ප්‍රියාල් වීරසිංහගෙනි. දිනේෂ් ජයශාන්ත කලා අධ්‍යක්ෂවරයාය. මහාචාර්ය සුනිල් ආරියරත්න ගී පද රචනා කොට තිබේ. විශාරද නන්දා මාලිනී සහ දුමාල් වර්ණකුලසූරිය ගායනයෙන් එක් වූහ. ශාන් අල්විස්ගේ සංස්කරණයකි. රන්ජිත් තිලකසිරි සහ මනෝජ් ලක්සිරිගේ අංග රචනයකි. සුභා තෙරණියෝ ආනන්ද සමරසිංහ සහ බිසර චානක්‍ය මානගේ ගේ නිෂ්පාදනයකි.

මේ සුභා තෙරණියෝ මාධ්‍ය දර්ශනය දා ගත් සේයාරූ කිහිපයකි.

Add new comment