රංජිත් වීරසිංහ මියයයි

මැයි 30, 2019

දිනමිණ සහ ලංකාදීප පුවත්පත්වල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කළ රංජිත් වීරසිංහ මහතා කෙටි කලක් රෝගාතුරව සිට අභාවප්‍රාප්ත විය.

ලංකාදීප පුවත්පතේ උප කතුවරයකු ලෙස මාධ්‍ය කටයුතු ඇරැඹූ රංජිත් වීරසිංහ මහතා පසුව දිනමිණ පුවත්පතේ උප කර්තෘවරයකු ලෙසත්, රාත්‍රී කතුවරයා ලෙසත් කටයුතු කළේය.

වියරණ භාවිතය පිළිබඳ මනා දැනුමක් වීරසිංහ මහතා සතු විය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ජයන්ති ඩයස් අබේසිංහ මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූ රංජිත්, ඖචිත්‍යා දියණියගේ ආදරණීය පියාණන් විය.

ප්‍රවීණ මාධ්‍යවේදියකු හා ගත්කරුවකු වූ විමල් වීරසිංහ මහතාගේ දෙවන පුත්‍රයා වන රංජිත් වීරසිංහ, සමන් චන්ද්‍රනාත්, ජයලාල්, භාරතී යන අයගේ සොහොයුරා ද වේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්ත නව ආදාහනාගාරයේදී සිදු කෙරිණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.