නීටා-නිල්මිණි ඇතුළු එතෙර දිනූවන්ට මෙතෙරදී ප්‍රණාම

ජුනි 13, 2019

මේ වසරේ අන්තර්ජාතික සිනමා උලෙළයන්හිදී සම්මානයට හා ඇගයීමට පාත්‍ර වූ කලාකරුවන් අට දෙනකු ඇගයීම හා ඔවුන් හට මූල්‍යමය ත්‍යාග පිරිනැමීම පසුගිය 10 වැනි දින නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක ද මේ අවස්ථාවට සහභාගි විය.

මෙය ජාතික චිත්‍රපට සංස්ථාව හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලැබිණි.

ඒ අනුව නීටා ප්‍රනාන්දු, නිල්මිණි සිගේරා, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්, කුමාර කරව්දෙණිය, රංග බණ්ඩාරනායක ද, ඩී. නිශාදි රුවන්මලී, අතුල පීරිස්, ආර්. එම්. ශිරාන් රත්නායක ද එලෙස ඇගයීමට පත් විය.

Add new comment