ඔස්කා-සිනෙස්ටාර් පොසොන් බැතිය නවලෝක පරිශ්‍රයේ

ජුනි 13, 2019

එළඹෙන 16 වැනිදාට යෙදෙන පොසොන් පුර පසළොස්වක පොහොය දින නිමිති කර ගනිමින් බැති ගී ප්‍රසංගයක් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව එදින සවස 7 ට නවලෝක රෝහල් පරිශ්‍රයේදී එය පැවැත්වෙනු ඇත. ශ්‍රි ලාංකේය සංගීත සහ සිනමා ක්ෂේත්‍රයේ කලාකරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටුවා ඇති ඔස්කා සහ සිනෙ ස්ටාර් පදනමේ සහාය ඇතුව පැවැත්වෙන මෙම ප්‍රසංගය සඳහා එම පදනම් හි සාමාජිකත්වය දරන ජනප්‍රිය තරු ගායනයෙන් එක් වේ. මෙම බැති ගී සරණිය නැරැඹීම සඳහා සංවිධායක කමිටුව ඔබ සැමට විවෘත ආරාධනාවක් කරයි.

Add new comment