“සසර ගමන” ඒකාංගික ටෙලි නාට්‍යය 16 දා

ජුනි 13, 2019

සම්පත් බාලසූරිය අධ්‍යක්ෂණය කළ සසර ගමන පොහොදා ඒකාංගික ටෙලි නාට්‍යය මේ මස 16 වැනිදා සවස 5.30ට සියත නාලිකාවේ විකාශය වේ. බන්දුල විජේවීර, අනුර ප්‍රියංගික, මනෝහාරි කරුණාරත්න, මහානාම නවරත්න, කීර්ති ජයවීර, ශාන් මාකඳුර, ජී. එම්. වීරරත්න, අයිරාංගනී තිලකරත්න, ප්‍රියා නිලන්ති, බණ්ඩාර රත්තොට, අශෝකා කුමාරි, දමිත් කලංසූරිය, හේමරත්න අරලගංවිල, නුවන් තුෂාර මෙහි රංගන දායකත්වය සපයති. ශාන් මාකඳුර කලා අධ්‍යක්ෂවරයාය. රසික තෙන්නකෝන් අංගරචනයකි. චමින්ද දිසානායක කැමරා අධ්‍යක්ෂවරයාය. අශෝක් කුමාර් නිෂ්පාදන කළමනාකරණයෙන් එක් විය. සසර ගමන නාට්‍ය මාලාව ශෙනාල් තිශාක්‍ය බාලසූරියගේ නිෂ්පාදනයකි.