වර්ෂ 2019 ක්වූ December 08 වැනිදා Sunday
නමින් එක වගේ

එක වගේ මුල නම තියෙන අය ඕන තරම් ඉන්නවා. තමන් භාවිත කරන නම වගේම නමක් තිබුණම ඊටත් වඩා කරදරයි. ඒ දෙන්නාම එකම ක්ෂේත්රයේ හිටියාම ඔවුන්ව අනිත් අයටත් පැටලෙනවා. මෙහෙම දෙන්නෙක් අපේ කලා ක්ෂේත්රයේ ඉන්නවා. දෙන්නටම තියෙන්නේ එකම නම. ගිවන්ත අර්ථසාද් තමයි දෙන්නගෙම නම. එක් ගිවන්ත කෙනෙක් ක්ෂේත්රයට ඇවිත් බොහෝ කාලයක් වෙනවා. ඒ පැරැණි ගිවන්ත කාටුන් තාක්ෂණය හරහා සිනමාවට අලුත් යමක් කරන්න උත්සාහ කළ කෙනෙක්. මුහුණේ රැවුල එහෙම වවාගෙන ඉන්නේ ඒ ගිවන්ත තමයි. අනෙක් කෙනා තමයි යොවුන් ගිවන්ත. ජීවිතය ලස්සනයි නාට්‍යයෙන් කලඑළියට ආ ඔහු පහුගිය දිනවල විකාශය වූ නාට්‍ය කිහිපයකටම සිය රංගන දායකත්වය සැපයුවා. කාසි නමින් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරමින් දෙවැනි ගිවන්ත අධ්‍යයක්ෂවරයකු බවට ද පත් වෙලා. මේ ගිවන්ත අර්ථසාද්ලා දෙන්නම කලාව තමයි ජීවන වෘත්තීය කරගෙන තියෙන්නේ.