තරුපතිගෙන් ග්‍රන්ථ ද්විත්වයක්

ජුනි 20, 2019

තරුපති මුණසිංහ විසින් රචනා කළ ග්‍රන්ථ ද්විත්වයක් ඉකුත් දා නිකුත් විය. ඒ නාද සංකථන සහ ගොදුර නමිනි. නාද සංකථන යනු නාදය සහ සංගීතය පිළිබඳ පර්යේෂණ ලිපි එකතුවකි. පරිවර්තන කෘතියක් වන ගොදුර නාට්‍ය පිටපතකි. හැරල්ඩ් පින්ටර්ගේ බර්ත් ඩේ පාර්ටි එහි මුල් කෘතියයි.

1958 දී එංගලන්තයේ එම නාට්‍ය මුල්වරට වේදිකා ගත විය. මෙම ග්‍රන්ථ රචනා කළ තරුපති සංගීත අධ්‍යක්ෂවරයකු ද වේ. ඔහු නැසීගිය සංගීතඥ ඔස්ටින් මුණසිංහගේ දයාබර පුතණුවන්ය. තරුපතිගේ බිරිය ජනප්‍රිය නිළි ගයනි ගිසන්තිකා වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.