යාළුවන්ගෙන් ඉල්ලීමක්

ජුනි 20, 2019

සඳසිරි අධිකාරි කියන්නේ නව පරපුරේ සංගීත අධ්‍යක්ෂවරයෙක්. අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍ය වන බල්ලොත් එක්ක බැහැ, චරිතෙ හොරු අරන්, රූකඩ රාජ්ජේ, දෙයියොත් දන්නේ නෑ, කෝලම් පුරය, විසේකාරියෝ ආදී නිර්මාණවල සංගීත අධ්‍යක්ෂණයෙන් සහ සංගීතය මෙහෙයවීමෙන් දායක වුණේ ඔහු. සුළඟ සහ සීතා මා ආදී සංයුක්ත තැටි යුවළක්ද සඳසිරි ඉදිරිපත් කළා. සඳසිරි වැඩ ගොඩක් කළ එහෙත් නිහඬ චරිතයක්. ඔහු ඉකුත් දිනයේ සිය ජීවිතයේ තවත් කඩඉමක් පසු කළා. තවත් විදිහකින් කිව්වොත් විවාහ වුණා. සඳසිරිගෙ සහකාරිය වුණේ යුගානි ගුණසිංහ. මේ දෙපොළගේ විවාහ මංගල්‍යය සිද්ධ වුණේ කුලියාපිටිය සඳසිරිගේ ගමේ. සඳසිරි නව යුවළගේ විවාහ දිවියට සුබ පතන ගමන් තවත් කතාවක් කියන්නටයි හදන්නේ. සාමාන්‍යයෙන් සඳසිරි වගේ කෙනෙකුගේ විවාහ මංගල්‍යය දින සභාව සංගීතයෙන් රසගන්වන්න හොඳම පිරිසක් තමයි ඉන්න ඕන. සංගීත ලෝකයේ හිත මිතුරන් රැසක් ඔහුට ඉන්නවනෙ. කිව්වත් වගේම ඉතා ඉහළ හැකියාවන් තියෙන ප්‍රවීණයින්ගෙන් සැදුම්ලත් සංගීත කණ්ඩායමක් හිටියලු. ඒත් අවස්ථාව මෙහෙයවන්න කෙනෙකු ඉඳල නැහැ. ටික වේලාවක් ගත වුණු තැන මහා සංගීත ප්‍රසංගයක් මෙහෙයවනවා වගේ කෙනෙකු ඒ අවස්ථාව මෙහෙයවනවලු. එතැන හිටපු අයවත් වේදිකාවට කැඳවමින්, සභාවෙන් අත්පොළසන් ඉල්ලමින් මේ කෙනා සුපිරි එනවුසිං පාරක් දීලා ආයෙ ඉතින් ගමම දෙවනත් වෙන්න. කවුද දන්නවද මේ නිවේදකයා බල්ලොත් එක්ක බැහැ නාට්‍යයේ අධ්‍යක්ෂ රවීන්ද්‍ර ආරියරත්න. මිනිහගෙ නිවේදනය කොතරම් දැනුණද කිව්වොත් එතැන හිටපු අය හැමෝම හිතාගෙන තියෙන්නේ රවින්ද්‍ර එනවුසර් කෙනෙක් කියලා.

ඔන්න ඔය වේදිකා නාට්‍ය කෙරුවාව නවත්තලා දිගටම එනවුසිං කරපං මචං.

යාළුවෙක් එහෙමත් කිව්වලු.

ප්‍රසාද්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.