ටවර් පදනමෙන් ජනපති ප්‍රේමදාස ජන්ම දින සැමරුමක්

ජුනි 20, 2019

ටවර්හෝල් රඟහල පදනමේ නිර්මාතෘ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 94 වැනි ජන්ම දිනය නිමිති කර ගනිමින් විශේෂ සමරු උත්සවයක් මෙම මස 21 වැනිදා උදෑසන 9.30 ට සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහිදී ප්‍රේමදාස මැතිඳුන් විසින් රචිත කාව්‍ය ඇතුළත් රස කවි සිතුවිලි ග්‍රන්ථයේ නව මුද්‍රණය එළිදැක්වෙනු ඇත. එතුමාගේ ගී නිර්මාණයන් සඳහා ටවර් නාට්‍ය හා රංග කලා පාසලේ සිසු සිසුවියන් විසින් නර්තනාංග ඉදිරිපත් කිරීමට ද නියමිතය. ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් මෙදින සමරු දෙසුම පවත්වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.