බර්මින්ගේ සිකුරු යෝගය හෙට එයි

ජුනි 20, 2019

දිගු කලකට පසු බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සිනමාපටය සිකුරු යෝගය මෙම මස 21 වැනිදා එනම් හෙට සිට තිරගතවීම ආරම්භ වේ. විජය නන්දසිරි අවසන් වරට රඟපෑ නිර්මාණවලින් එකක් වන මෙහි සෙසු චරිත රඟ දක්වන්නේ ටෙනිසන් කුරේ, අනර්කලී ආකර්ෂා, රොඩ්නි වර්ණකුල, අනූෂා දමයන්ති, මහින්ද පතිරගේ, අමිල කරුණාරත්න, මේනකා ගාර්දි, ප්‍රේමදාස විතානගේ, දයා අල්විස්, බන්දුල විජේවීර, ගාමිණී අම්බලන්ගොඩ යන ශිල්පීන්ය. කැමරා අධ්‍යක්ෂණය ඩොනල්ඩ් කරුණාරත්නගෙනි. රන්ජිත් ද සිල්වාගේ කලා අධ්‍යක්ෂණයකි. අනුර බණ්ඩාර සංස්කරණයෙන් එක් විය.

හර්ෂණ වික්‍රමසිංහ සහාය අධ්‍යක්ෂවරයාය. තේමා ගීතයේ සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේගෙනි. ප්‍රියනාත් රත්නායක සහ රවිහාන්ස් වැටකෙපොත පසුබිම් සංගීතය නිර්මාණය කොට ඇත. ගාමිණී කොස්තාගේ අංග රචනයකි. නිලාර් එන්. කාසිම් ගීත රචනයෙන් දායක විය.

ආනන්ද බණ්ඩාර වර්ණ සංකලනයෙන් හැඩගන්වා තිබේ. නිහාල් නෙල්සන්, ටෝනි හසන්, උපේඛා නිර්මාණි, හේමන්ති රණසිංහ, ගයනි පෙරේරා, සඳුනි ස්වර්ණමාලි, රවිහාන්ස් වැටකෙපොත, සමන්තා රණසිංහ, උදාර පෙරේරා ගායනයෙන් එක් වෙති.

ටෙඩී විද්‍යාලංකාර සටන් අධ්‍යක්ෂණයෙන් ද, ශාන් පෙරේරා නැටුම් නිර්මාණයෙන් ද, වසත් චන්ද්‍රසිරි ගම්ලත් නිෂ්පාදන විධායකවරයා හැටියටද සිකුරු යෝගය සඳහා එක්ව සිටිති. මෙහි තිර පිටපත බර්මින් සමඟ සෝමපාල ලීලානන්ද සහ හර්ෂණ වික්‍රමසිංහ එක්ව රචනා කොට තිබේ.

බර්මින් ලයිලි ප්‍රනාන්දු නිෂ්පාදනයෙන් ද දායක වු සිකුරු යෝගය චිත්‍රපටයේ සම නිෂ්පාදනය වසත් චන්ද්‍රසිරි ගම්ලත්, මාක් ඇන්ටනි ප්‍රනාන්දු සහ දමින්ද ඩයස්ගෙනි. සිකුරු යෝගය සිනමාපටයේ විශේෂ දර්ශනයක් ඉකුත් දා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණි. මේ එහි අවස්ථා කිහිපයකි. 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.