බී. එස්. 37 වැනි ගුණ සමරුව 23 දා

ජුනි 20, 2019

අප සිනමාව තුළ නොමැකෙන චිත්‍රණයක් මවා තබා අප අතරින් වෙන්ව ගිය රංගන ශිල්පී බී. එස්. පෙරේරාගේ තිස් හත් වැනි ගුණ අනුස්මරණය මෙම මස 23 වැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් එදින දානමය පින්කමක් සහ සංඝගත දක්ෂිණාවක් සිදු වන බව බී. එස්. ගේ පුතු සුනිල් වෙස්ලි පෙරේරා සරසවියට දන්වා සිටියේය. බී. එස්. ට පින් පමුණුවමින් තොරණක් ද මේ දිනවලදී ප්‍රදර්ශනය වේ. ඒ තෙලවල විජයරූපාරාම ධර්මායතනයේය. බී. එස්. ගේ පුත් සුනිල් වෙස්ලි ඇඳි සිතුවම්වලින් එය සමන්විතය. තොරණ 23 දා දක්වා පැවැත්වෙනු ඇත. බාලසූරියගේ ස්ටීවන් පෙරේරා හෙවත් අප හොඳින් දන්නා බී. එස්. ගේ පළමු සිනමාපටය වූයේ ධීවරයෝය. අනතුරුව චණ්ඩියා, සතුටයි කඳුළයි, සුදෝ සුදු, අල්ලපු ගෙදර, තුෂාරා, කෝකිලයෝ ඇතුළු චිත්‍රපට තුන්සියයක පමණ ඔහු විවිධ චරිත නිරූපණය කරනු ලැබුවේය. ඔහු වඩාත් ප්‍රකට විකට නළුවකු හැටියටය. ගිම්හානේ ගී නාදේ බී. එස්. ගේ අවසන් චිත්‍රපටය වේ. 1982 වසරේ බී. එස්. මිය යන විට හැට අට වියෙහි පසු විය. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.