30 කණ්ඩායම විසිර යයි

ජුනි 20, 2019

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් පවත්වනු ලබන නිෂ්පාදන සහ සන්නිවේදන සහතික පත්‍ර පාඨමාලවේ 30 වන කණ්ඩායමේ සහතික පත්‍ර ප්‍රදානය පසුගිය දින කුමාරතුංග මැදිරියේදී පැවැත්විණි.

ඒ අවස්ථාවට ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මාලක තල්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් එරානන්ද හෙට්ටිආරච්චි, ක්‍රියාකාරී අධ්‍යක්ෂ හෙරල් සේනාධීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩසටහන් මයුරි අබේසිංහ, අධ්‍යක්ෂ අභ්‍යාස සහ විදේශ සම්බන්ධතා තිළිණ සමරසූරිය, අධ්‍යක්ෂ හින්දි සේවය සහ අධ්‍යාපන සේවය නාලනී මල්ලිකා, වැඩ බලන ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යක්ෂ අභ්‍යාස තුෂාරි වෙලගෙදර, පාලක මැදිරි මෙහෙයුම් චමින්ද සකලසූරිය, අභ්‍යාස ආයතනයේ සංවිධායක පාලිත යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.