කොහෙද අපි යන්නේ විශේෂ දර්ශනයක්

ජුනි 27, 2019

කසුන් මහේන්ද්‍ර හීනටිගල අධ්‍යක්ෂණය කළ කොහෙද අපි යන්නේ කෙටි චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ඉකුත් දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි. එයට සමගාමීව සිනමා කතිකාවක් ද සංවිධානයකර තිබිණි.

සම්මානනීය අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක, ජ්‍යෙෂ්ඨ සිනමා නළු අමරසිරි කලංසූරිය ඇතුළු පිරිස එහිදී කෙටි දෙසුම් පැවැත් වූහ. සඳුන් දොලමුල්ල නිෂ්පාදනය කළ මෙම කෙටි චිත්‍රපටය මිනිත්තු 20න් සමන්විතය.

එය දෙසැම්බර් 31 රාත්‍රියක හුදකලා වන තරුණ යුවළක් සහ ඔවුන්ගේ දියණිය වටා ගෙතුණු කතා පුවතකි. කලණ ගුණසේකර, නදීෂා මධුෂානි සහ තනුෂි ෂෙනායා මන්දාකිණි රංගනයෙන් දායක වන මෙහි කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය චානුක ද මෙල් ගෙනි.

ඩොමිනික් චන්ද්‍රසිරි කලා අධ්‍යක්ෂවරයාය. ජගත් රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද ප්‍රියන්ත එස්. රත්නායක අංග රචනයෙන් ද තිස්ස සුරේන්ද්‍ර වර්ණ සංයෝජනයෙන් ද ෂර්ලි සමරසිංහ නිෂ්පාදන කලමනාකරණයෙන්ද මේ සඳහා එක් විය. කතාව, දෙබස් සහ තිරරචනය අධ්‍යක්ෂ කසුන් ගෙනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.