යුගයක අවසානය

ජූලි 4, 2019

මේ ඡායාරූපය වසර 32ක් පැරැණිය. එය ගනු ලැබුවේ සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි සිනමාපටයේ ගීත පටිගත කිරීම් අතරතුරදීය. එය තිරගත නොවුණත් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට අමරණීය සිහිවටනයත් ඉතිරි කරයි. එය තමයි මේ සේයාරුව. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා දිනේෂ් ප්‍රියසාද්. ඔහු සමඟින් සිටින්නේ අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්. ජූලි 02 වැනිදා මේ ජෝති චිත්‍රපට ගීතයක් ගායනා කළ අවසන් අවස්ථාවයි. ඔහු අප අතරින් වියෝ වී එළඹෙන ජූලි 07 වැනිදාට වසර 32ක් ගත වෙලා. 

Add new comment