ඉගෙනීමට වයසක් නැහැ

ජූලි 4, 2019

සාමාන්‍යයෙන් අපොස උසස් පෙළ ලියන්නේ ඒ වයසේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඒක අරුමයක් නෙවෙයි. තමන්ගේ ජීවිතයට අත්‍යාවශ්‍ය නිසා පසුකාලීනව වැඩි සාමාර්ථ්‍යයක් ලබා ගැනීමේ අරමුණින් සහ අවශ්‍යතා මත සමහරු පාසල් වයස ඉක්මවා ගිය පසුත් උසස් පෙළ ලියනවා. තවත් පුද්ගලයින් වයසට ගිහිල්ලත් උසස් පෙළට ඉඳගන්නවා. අන්න එතකොට නම් ඒක ටිකක් විශේෂිත පුවතක් වෙනවා. නමුත් ඒ වගේ දේවල් අපි මීට ප්‍රථම අහලා තිබුණත් මේ කියන්න හදන කතාව ඔබව පුදුම කරනු නිසැකයි. රජයේ වගකිවයුතු අමාත්‍යවරයෙක් ඒලෙවල් කරනවා නම් . . . ඒක එක අතකින් විස්මයජනක පුවතක්. එහෙම දේවල් ඉතිහාසයේ වෙලා නැති තරම්. මේ ඇමැතිවරයා ජනප්‍රිය නළුවකු, තවත් විදිහකින් කියනවා නම් සුපර් ස්ටාර් කෙනෙක් ද වෙනවා. ඔහු තමයි රන්ජන් රාමනායක. තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් තව තවත් වර්ධනය කරගැනීමේ අරමුණින් තමයි රන්ජන් මෙලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ. මීට අමතරව නීතිය පැත්තෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරන්නටත් රන්ජන් සූදානම් වෙනවා. මේ සියලු කටයුතු ඉතාම සාර්ථක වෙන්න හා ඉහළින්ම සමත් වන්නට ලැබේවා කියා සරසවිය රන්ජන්ට ප්‍රාර්ථනා කරනවා.

Add new comment