නළුවා ඉන්දියාවට නිළිය ලංකාවට

සාක් සිනමා උලෙළේ සම්මාන ලද්දෝ
ජූලි 11, 2019

9 වැනි සාක් අන්තර්ජාතික සිනමා උලෙළ පසුගිය 2 වැනිදා සිට 7 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්විණි. එහි සමාප්ති උත්සවයේදී ඉන්දියාව නියෝජනය කළ නගර්කීර්තන් (NAGARKIRTAN) හොඳම වෘත්තාන්ත චිත්‍රපටය ලෙසින් ද නා බෝලේ වෝ හරම් (NA BOLE WO HARAM) හොඳම කෙටි චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර වීය. එහිදී ශ්‍රී ලංකාවට සම්මාන කිහිපයක්ම හිමි වූ අතර දැවෙන විහඟුන් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් අනෝමා ජනාදරී හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූවාය.

 

හොඳම නළුවා - රිද්දි සෙන් (නගර්කීර්තන් - ඉන්දියාව)

හොඳම නිළිය - අනෝමා ජනාදරී (දැවෙන විහඟුන් - ශ්‍රී ලංකාව)

හොඳම අධ්‍යක්ෂණය - කෞෂික් ගංගුලි (නගර්කීර්තන් - ඉන්දියාව)

හොඳම තිරරචනය - අසිස් ඩෙල්ඩාර් (ලෙටර් ටු ද ප්‍රසිඩන්ට් - ඇෆ්ගනිස්ථානය)

හොඳම කැමරාකරණය - ඉනාමුල් හූක් ශොඑල් (ෆැගුන් හඕයි - බංග්ලාදේශය)

හොඳම සංස්කරණය- අජිත් රාමනායක සහ කත්‍රිනා වර්තෙනා (දැවෙන විහඟුන් - ශ්‍රී ලංකාව)

හොඳම ශබ්ද පරිපාලනය - රිපෝන් නාත් (ෆැගුන් හඕයි - බංග්ලාදේශය)

හොඳම සංගීත අධ්‍යක්ෂණය - ප්‍රබුද්ධ බැනර්ජි (නගර්කීර්තන් - ඉන්දියාව)

ජුරියේ විශේෂ සම්මානය - ස්වස්ථිමා කාද්කා (බුල්බුල් - නේපාලය)

ජුරියේ විශේෂ සම්මානය - ප්‍රවීන් මෝර්චාලේ (වෝකින් විත් දවින්ඩ් - ඉන්දියාව)

ජුරියේ විශේෂ හදුන්වාදීම (සහතික පත්‍ර) - ට්‍රැඩිෂන් (ශ්‍රී ලංකාව)

ජුරියේ විශේෂ හදුන්වාදීම (සහතික පත්‍ර) - මූන් ඊස් බ්‍රයිට් ටුනයිට් (නේපාලය)

Add new comment