සංසාරේ දඩයක්කාරයා මංගල දර්ශනය

ජූලි 11, 2019

 ප්‍රසන්න ජයකොඩි තිරරචනය කර අධ්‍යක්ෂණය කළ සංසාරේ දඩයක්කාරයා සිනමාපටයේ මංගල දර්ශනය පසුගිය ජූලි 04 වැනිදා සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී පැවැත්විණි. සයිමන් නවගත්තේගමගේ දඩයක්කාරයගේ කතාව නම් නවකතාව ඇසුරෙන් නිර්මාණය කළ සංසාරේ දඩයක්කාරයා සිනමාපටයේ සංජීව උපේන්ද්‍ර, හේමසිරි ලියනගේ, ක්‍රිස්ටිනා බ්‍රිටෝ, ඉසුරු නවෝද් (ළමා නළු), තුසිත ලක්නාත් රංගනයෙන් දායක වෙති.

කැමරා අධ්‍යක්ෂණය විශ්ව බාලසූරිය විසින් සිදුකර ඇති අතර රංගන සිංහාරගේ සහ ජීවන්ත ගුණතිලකගේ සංස්කරණයකි. සුමුදු ගුරුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද නාරද තොටගමුව අංග රචනයෙන් ද රොහාන් සමරදිවාකර කලා අධ්‍යක්ෂයෙන් ද සංසාරයේ දඩයක්කාරයා සිනමාපටයට දායක වී ඇත. 

Add new comment