සුප්පා දේවි දොරට වැඩුම

ජූලි 18, 2019

 මාලනි රණසිංහ විසින් විරචිත, බුද්ධදාස ගලප්පත්ති විසින් සංස්කරණය කරන ලද ‘සුප්පා දේවි කථාවස්තුව’ දොරට වැඩුම පසුගිය දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි පැවත්විණි. විශේෂ ආරාධිත අමුත්තන් හා සිංහ බාහු නාට්‍යයට රංගනයෙන් දායකවු නළු නිළියන් කලකරුවන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගි වූහ.


 

ශ්‍රී ලාල් සෙනෙවිරත්න අභාවප්‍රාප්ත වේ

ගායන ශිල්පී ශ්‍රී ලාල් සෙනෙවිරත්න පසුගියදා අභාවප්‍රාප්ත විය. 80 දශකයේ ජනප්‍රිය ගීතයක් වූ දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්‌ ගීතය ගැයූයේ ඔහුයි. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාතලේදී සිදු කෙරිණි.