‘උදයකාන්ත’ ගැන සැක නම් පොලීසියට කියන්න

ජූලි 18, 2019

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ නම කිසියම් වූ පුද්ගලයකු අවභාවිත කරන බවට වූ පුවතක් නැවතත් වාර්තා විය. මේ පිළිබඳ හෙළිදරවු කරන අතරතුරදී උදයකාන්ත පවසා සිටියේ මින් පෙර ද එවැනිම වූ අකටයුත්තකට තමාට මුහුණපෑමට සිදු වූ බවය. එකී නාඳුනන තැනැත්තා උදයකාන්තගේ නම භාවිත කරමින් ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකුට දුරකථන ඇමතුම් ලබා දී තිබේ. රංගනයට අවස්ථා ලබා දෙන බව පවසමින් ඔහු විවිධ වූ ස්ථානවලට නවක නළු නිළියන් කැඳවීමට ද උත්සාහ ගෙන තිබේ. ඇමතුම් ලැබුණු ඇතැම් දෙනා මේ තැනැත්තා පිළිබඳ සැක සිතී සැබෑ උදයකාන්තට කතා කොට වංචාකරුවා ගැන තතු විත්ති දන්වා ඇත. මෙලෙස තම නම භාවිත කිරීම නිසා තමන් බොහෝ සෙයින් අසීරුතාවලට ද පත්ව ඇති වග උදයකාන්ත වැඩිදුරටත් පවසා සිටියි. උදයකාන්ත යන නම සඳහන් කොට සැක කටයුතු පුද්ගලයකු කතා කළහොත් ළඟම ඇති පොලීසියට දන්වන මෙන් උදයකාන්ත ඉල්ලීමක් කරයි.

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - යතේජා ඥානරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.