හුස්ම සමඟ සුදේශ් වෙනස් ගමනක

ජූලි 18, 2019

තමන් මෙතෙක් නිර්මාණය කළ සිනමා ශෛලිය වෙනස් කර ගනිමින් සුදේශ් වසන්ත පීරිස් නවමු ආරක සිනමාපටයක් අධ්‍යක්ෂණය කොට තිබේ. එය නම් කොට ඇත්තේ හුස්ම නමිනි. කලාත්මක සිනමාපටයක් ලෙසට විචාරක පැසසුමට ලක් වූ මෙම සිනමාපටය අනතුරකට ලක් වූ තාරුකා විජේසිංහ නමැති නිළියක වටා ගෙතුණු කතා පුවතකි. මෙහි සියලු වැඩ කටයුතු මේ වන විට අවසන්ව ඇති අතර තිරගත කිරීමට සූදානමිනි. පුබුදු චතුරංග, දසුන් පතිරණ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චමත්කා ලක්මිණි, අංජන ප්‍රේමරත්න, මහින්ද ඉහළගම හුස්ම සිනමාපටයේ රංගනයේ යෙදෙන පිරිවර වේ.

කතාව, දෙබස්, තිර රචනය ද සුදේශ් වසන්ත පීරිස් ගෙනි. ගාමිණී මොරගොල්ලාගමගේ කැමරා අධ්‍යක්ෂණයකි. කලා අධ්‍යක්ෂණය සහ සහාය අධ්‍යක්ෂණය සරත් සමරවික්‍රමගෙනි. අනුර බණ්ඩාර සංස්කරණයෙන් එකතු විය. කේෂාන් පෙරේරා සංගීත අධ්‍යක්ෂණයෙන් ද, තාරක අධිකාරි අංග රචනයෙන් ද, උරේෂා රවිහාරි ගායනයෙන් ද මේ සඳහා එක්ව තිබේ. නිෂ්පාදන අධිකාරි තුෂානි වීරක්කොඩිය. බන්දුල නානායක්කාරවසම් ගී පද රචනයෙන් දායක විය. ශබ්ද සැලසුම සසික රුවන් මාරසිංහගෙනි. ආනන්ද බණ්ඩාර වර්ණ සංයෝජනයෙන් එකතු වූ අතර ඇඳුම් නිර්මාණය ප්‍රභාත් හේමන්තගෙනි.

හුස්ම නිල්කමල් චිත්‍රපට සමාගමේ ඉදිරිපත් කිරීමක් වන අතර නිහාල් විජේසිංහගේ නිෂ්පාදනයකි

Add new comment